පසුගිය වසරේ මැයි මස 9 වැනිදා ආණ්ඩුවට එරෙහිව ඇති නොසන්සුන්තාව අතරතුර නිට්ටඹුව පොලිස් පරිශ්රයේ දී ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයකට ගිනි තැබූ බවට සැක කෙරෙන කොළඹ රාජ්ය බැංකුවක කාර්මික ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ නිට්ටඹුව නගරයේ ඇති වූ ප්රචණ්ඩකාරී සිද්ධීන් අතරවාරයේදී නිට්ටඹුව පොලිස් ස්ථාන පරිශ්රයේ දී සුඛෝපභෝගී වාහනයක් ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු ඊයේ (19) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු නිට්ටඹුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකරුවකු වූ සැකකරු රන්පොකුණුගම ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකි.
ඔහු අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







