මැයි 09 අපරාධයට  මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් කටඋත්තර ගැනීමට අවශ්‍යය බව CIDය කතා නායකට දන්වයි! 

මැයි 09 දා  ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ සාමකාමී අරගලයක නිරත වූ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයාට  දැනුම් දී ඇත.

මේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණ සිටීනම්  ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම දැනුම් දීමේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙදෙනෙක් ප්‍රමාණවත් සාක්ෂි ඇතිනම්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 

Exit mobile version