මැතිව්ස් ගේ 100 ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට….

Anjelo-Methiws

සංචාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගය විශේෂය. අද හිටපු ශ්‍රී ලංකා නායක ඈන්ජලෝ මැතිව්ස් ගේ 100 වැනි ටෙස්ට් තරගය ය.

එමෙන්ම  ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුවක් වූ දුනිත් වෙල්ලාලගේ අද ටෙස්ට් වරම් හිමිකරගත්තේය. මංගල ටෙස්ට් වරම් දිනූ වෙල්ලාලගේට ටෙස්ට් හිස් වැසුම පළඳවනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි.

මේ වනවිට පාකිස්ථානු කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටින නිසා තරගාවලි පරාජයකින් බේරිමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළ යුතුය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද තරගයට අසිත ප්‍රනාන්දු ද කැඳවා ඇත.

Exit mobile version