මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

අද දිනයේ ව්‍යවස්ථාදායක සභාව හමුවූ බවත් මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජන  එල්ලවීමෙන් නිවෙස්වලට පොලිස් ආරක්ෂාව පවා ලබා දී ඇති   තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසමට අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින්  එම අයදුම්පත් කැඳවීම   මාර්තු 9 වැනිදායින් පසු සිදු කරන ලෙස ඉල්ලා සිටියේ යැයි ද විපක්ෂ නායකවරයා කිවේය.

මෙය මැතිවරණ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට තව තවත් දේශපාලන කුමන්ත්‍රණවල නියැලී මැතිවරණය කඩාකප්පල් කිරීමට අවස්ථාව ලබා දීමත් බව  විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන්   සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව  ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද (30) මේ බව  පැවසීය.


රටේ ව්‍යවස්ථාදායක සභාව පවතින්නේ ජනතා පරමාධිපත්‍ය සහ ස්වෛරීත්වය  ආරක්ෂා කිරීමට මිස උල්ලංඝනය කිරීමට නොවේ යැයි කි විපක්ෂ නායකවරයා    මේ අවස්ථාවේ  මැතිවරණ කොමිසමට අයදුම් පත් කැඳවීම   ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් යැයි කීවේය.

ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අධිකරණය විසින් පාලන තන්ත්‍රය මෙහෙයවීමේ දී රටේ වැරදි කරන අයට සිවිල් නීතිය යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කර ඇති අකාරය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සිවිල් නඩු තීන්දුවෙන් පැහැදිලි  වන්නේ යැයි  ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් මෙවැනි අනීතික ක්‍රියා සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව ද නීතිය හමුවට යන බව  විපක්ෂ නායකවරයා අවධාරණය කළේය

Exit mobile version