අලුත් මැතිවරණ නීතියට යෝජනා ගන්න පැෆරල් සංවිධානය අද පාර්ලිමේන්තුවට කැඳවයි

මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හෙට (14) පැෆ්රල් සංවිධානය කැඳවා තිබේ.

සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව හෙට (14) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිත අතර, එහිදී කාරක සභාවේ ආරාධනාවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) විසින් මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා තම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම් වලට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් කැඳවීමටද දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට කාරක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.


මෙයට අමතරව කාරක සභාවේ සෑම රැස්වීමකටම නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ද සහභාගී කර ගැනීමට කාරක සභාව විසින් තීරණය කර ඇති බව රෝහණදීර මහත්මිය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීති ප්‍රතිසංස්කරණය සඳහා වන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට දේශපාලන පක්ෂ වලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය ලබන ජුලි 15 වැනිදායින් අවසන් වේ.

Exit mobile version