කළුබෝවිල ප්‍රදේශයේදී අද (20) උදෑසන පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙසේ ඝාතනය කළ පුද්ගලයා පාතාලයට සම්බන්ධකමක් නැති නමුත් පාතාල ගැටුමක සිටිනා මැරයෙකුගේ ඥාතියෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පෙරේදා (18) ද කළුබෝවිල ප්‍රදේශයේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතනය වන්නේ කළුබෝවිල සරණංකර පාරේ ස්ටාර් හෝටලයේ හිමිකරුය. ඔහු කළුබෝවිල කඩවත පාරේ පදිංචිකරුවෙක්වූ නායගම් විශ්වනාදන්ය. ඔහු විදේශගත පාතාල අපරාධකරුවෙක් වූ බඩෝවිට අසංක නැමැත්තාගේ සමීප හිතවතෙක් බව කියැවිනි. ඔහුව ඝාතනය කර ඇතැයි හෙළි වී ඇත්තේ තවත් පාතාල අපරාධකරුවෙක් වූ චූවා සමන්ත නැමැත්තාගේ පාර්ශවයෙන් බව කියැවිනි.
ඔහුගේ මරණය හා මීට දින 05කට පෙර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට ඝාතනය කළ තරිඳු මධුෂාන් සුවාරිස් නැමැත්තා ගේ මරණය අතර සම්බන්ධයක් විමර්ශන අංශ සොයාගෙන තිබිණි. මෙසේ ඝාතනය වන තැනැත්තා චූවා සමන්ත නැමැත්තාගේ හිතවතෙක් බව අනාවරණය වී ඇත. එය බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් සිදුකර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අද ඝාතනය කළ පුද්ගලයා ද ඝාතනය වන්නේත් කළුබෝවිල කඩවත පාරේය. ඔහු 45 හැවිරිදි නරගසභා කම්කරුවෙකි. පාතාලයට සම්බන්ධයක් නැති මෙම පුද්ගලයා චූවා සමන්තගේ අක්කාගේ සැමියා ය. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෙරේදා (18) රාත්‍රියේ සිදුවූ ඝාතනයට පළිගැනීමක් වශයෙන් බව විමර්ශන අංශ අනුමාන කරයි.
යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. දකුණු උරහිසට වැදුන වෙඩි ප්‍රහාර දෙකකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඝාතනය කර ඇත්තේ අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකි. ඔහු රාජකාරියට යන අතර මෙසේ මරා දමා තිබිණි.
එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බඩෝවිට අසංක සහ චූවා සමන්ත පසුව වෙන්වීමෙන් අනතුරුව මෙසේ මරා ගන්නා බව විමර්ශනවලදී තොරතුරු ලැබී තිබේ. මේ තත්ත්වය තුළ පෙනී ගොස් ඇත්තේ තවත් ඝාතන වැලක් සැලසුම් වෙමින් ඇති බව යැයි විමර්ශන අංශ පවසයි.







