මැක්ඩොනල්ඩ් පිපිරීමෙන් තරුණයින් දෙදෙනෙකුට සුළු තුවාල…

කීර්ති ප්‍රනාන්දු –

කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ් අවන්හල තුළ අද අළුයම සිදු වූ පිපිරීමෙන් තරුණයින් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පිපිරීමට ලක් වූ ගොඩනැගිල්ලට යාබදව පිහිටි කුලී රථ ගාලේ කුලී රථයක් පැමිණෙන තුරු බලා සිටි තරුණයින් දෙදෙනෙකු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් තුවාල ලැබූ මෙම තරුණයින් දෙදෙනා රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය .


Exit mobile version