මාළු අල්ලන්න ඩෙල්ෆ්ට් ආව ඉන්දීය ධීවරයන් 09ක් අත්අඩංගුවට 

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ්ට් මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රාවක් අත් අඩංගුවට ගෙන 10 දා යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂවරයා  වෙත බාර දී තිබේ.

උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ දේශීය මුහුදු සීමාවේ සිදුකළ මෙම ‍මෙහෙයුමේදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝණය කරමින් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතවූ   ඉන්දීය ජාතිකයින් 9 දෙනෙකු සහ ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ යාත්‍රාවේ තිබූ ධීවර ආම්පන්න ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විශේෂ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 18ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඇතුළු අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් සහකාර අධ්‍යක්‍ෂක වෙත බාර දීමෙන් පසුව මුලින්ම ඉන්දීය ධීවරයින් 9 දෙනා  නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට තිබේ.


Exit mobile version