මාස 06ක් තුළ ඕමන්තේ දී ඝාතනය වූ 03වන වන අලියාගේ සිරුර හමුවේ…

දිනසේන රතුගමගේ –

පසුගිය මාස හය ඇතුළත වවුනියාව ඕමන්ත කලාපයේදී ගොවීන් විසින් ඝාතනය කරණ ලද බවට සැක කෙරෙන තුන් වන අලියාගේ මළ සිරුර  ඊයේ ( 12 ) වෙනිදා හමු වී තිබේ.

වවුනියාව ඕමන්ත මහිලන්කුලම රම්බකුලම් වැව අසල පිහිටි  වගා බිමක මෙම  වන අලියා මැරී සිටියදී මළ සිරුර හමු වී තිබේ.

වන අලියා මියගොස් මේ වන විට දින කීපයක්ම ගත වී ඇතත් මළ සිරුරෙන් දැඩි දුඟද  හමන තුරු කිසිවෙකුටත් වන අලියාගේ මළ සිරුර  සොයා ගැනීමට නොහැකි වී තිබේ.


වන අලියා මියගොස් ඇත්තේ  විදුලි සැර වැද්දවීමෙන් හෝ වෙඩි තැබීමෙන් බවට සැකකරණ අතර වන ජිවී නිලධාරීන් ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ඉහතදී මේ කලාපයේදී මියගිය වන අලින් දෙදෙනා මියගොස් තිබුණේ පළාතේ ගොවීන්  විසින් වෙඩිතැබීමෙන් හා වසදීමෙනි.

Exit mobile version