මාස 04ක් පුරා කෝටි 06ක මාළු ණයට කෑ රෝහල් 44ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ජාතික රෝහල ඇතුළු මධ්‍යම රජය යටතේ පාලනය වන ප‍්‍රධාන පෙළේ රෝහල් හතළිස් හතරක් විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් කෝටි හයක් බවත් එම මුදල් මෙතෙක් පියවා නැති බවත් ධීවර සංස්ථාව සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු මෙම රෝහල් වෙත ධීවර සංස්ථාව විසින් මත්ස්‍ය නිෂ්පාදන ටොන් එකසිය තිහක් පමණ අලෙවි කර තිබෙන බවත් එය කිලෝග‍්‍රෑම් එක් ලක්ෂ විසි දහසක් බවත් ධීවර සංස්ථාව පවසයි.

ලංකා ධීවර සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් ඇතුළු ආයතන වෙත මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය සිදුකරනු ලබන අතර ඉතා සහනදායී මිල ගණන් වලට මෙම ආයතන වෙත මත්ස්‍ය නිෂ්පාදන බෙදාහරිනු ලබයි.

මේ සම්බන්ධයෙන් ලංකා ධීවර සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් දවුලගල පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු මෙම හිඟ මුදල අය කරගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවය.

අරුණ – එෆ්. අස්ලම්

Exit mobile version