ලලිත් චාමින්ද –
ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනයෙන් Ld 376 නමින් නව වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් මොනිකා මිල්ලවිතානච්චි පැවසුවාය.
මාස 3 ,1/2 කින් පමණ අස්වැන්න නෙළා ගැනීමට හැකි මේ නව සුදු කැකුළු ප්‍රභේදය ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක වගා කළ හැකි ඉහළ අස්වැන්නක් සහිත ප්‍රභේදයක් බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම නව වී ප්‍රභේදය අවුරුදු 12ක පර්යේෂණයක ප්‍රතිඵලයකි. 2024 වර්ෂයේ පමණ රතු සම්බා ප්‍රභේදයක් හඳුන්වා දීමට නියමිතය.
ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවලට Ld 5287 නමින් නවතම වී ප්‍රභේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය.
දැනට පර්යේෂණ මට්ටම පවතින මේ නව ප්‍රභේදය ලවණතාවය හා ගං වතුරට ඔරොත්තු දෙන වී ප්‍රභේදයකි
.මෙහිදී අදහස් ඉදිරිපත් කළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පැවසුවේ මෙම වී වර්ගය වගාවට ජනතාව වෙත ගෙන යෑම සඳහා රජයේ ව්‍යාපෘතියක් වශයෙන් බීජ නිපදවීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කරන ලෙසයි.
බිත්තර වී නිපදවීම සඳහා රාජ්‍ය ආයතනවල සහයෝගය ලබා දෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.







