මාසයට ගෑස් අනතුරු පහයි – රස පරීක්ෂක ප්‍රකාශය විස්මිතයි

නොවැම්බර් මාසය තුළ පමණක් ගෑස් සිලින්ඩර් අනතුරු පහක් සිදුව තිබියදී මේ පිළිබඳව විධිමත් විද්‍යාත්මකව විමර්ශනයක් නොමැතිව මැක්ඩොනල්ඩ්ස් අවන් හල් පිපිරීම පමණක් පදනමක් කරගෙන රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වීම තුළ අදාළ පාර්ශ්ව තුළ මේ පිළිබඳව යම් කුකුසක් නිර්මාණය වී තිබේ.

අද දිනයේද හෝකන්දර ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක රෙගියුලේටරය අසලින් පිපිරීමක් සිදුවීම ද ඇතුළුව නොවැම්බර් මාසය තුළ ගෑස් සම්බන්ධ පිපිරීම් පහක් වාර්තා වී ඇති පසුබිමක් තුළ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව එක් සිදුවීමක් පමණක් පසුබිම් කරගෙන මේ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බවට නිසා නොවන බවට ප්‍රකාශ කිරීම විමතියට කරුණක් වී තිබේ.

මෙම සිදුවීම් පහ මෙසේය. මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් පිපිරීමක් සිදුවන්නේ පසුගිය නොවැම්බර් 04 වැනිදාය. එයින් පසුව නොවැම්බර් 15 වැනිදා අලව්ව පන්ගොල්ල නිවසක පිපිරීමක් සිදුව ඇති අතර එම නිවැසියා පුපුරන ද්‍රව්‍ය කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයකු බැවින් ඊට අදාළ පිපිරීමක් සිදුවූ බවට මුලින් විශ්වාස කෙරුණද සිදුකෙරුණු වැඩිදුර විමර්ශණවලදී අනාවරණය වූයේ මෙම පිපිරීමට හේතුව ගෘහස්ත ගෑස් බවය.


ඊට පසුදාම 16 වැනිදා රත්නපුර නිවසක ද ගෑස් සැපයුම ආශ්‍රිත පිපිරීමකට ලක් වූ අතර පසුගිය 20 දා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ පිපිරීම සිදුවිය. එයින් පසුව අද අලුයම කොලඹ රාජකීය විද්‍යාලයේ හිටපු ගුරු මහතකුගේ හෝකන්දර නිවසේ පිපිරීමක් සිදුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බවට අප අවධාරණය කරන්නේ ගෑස් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාධනීය කරුණු ඉදිරිපත්ව ඇති නිසාය.

Exit mobile version