බොරු කියා බලය ලබා ගත් මාලිමා ආණ්ඩුවේ පළපුරුද්ද ඇති කිසිවෙක් නැති බවත්, රට ගොඩ ගැනීමට නම් පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අද (04) යළිත් අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මාතර පැවති ජන රැළියක් අමතමිනි.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසුවේය. ” පලපුරුදු අය පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන. මෙතන ඉන්නේ රටේ අමාරුම කාලෙ පලපුරුද්ද නිසා රට බේරගත්ත අය. ඒ අයට තමයි දෙන්න තියෙන්නේ. පලපුරුදු අය මෙතන ඉන්න නිසා තමයි ඡන්දය දෙන්න කියන්නේ.”
“මොකද අපට තියෙන්නෙ මේ ආණ්ඩුව ගෙනියන්න. බංකොලොත් භාවයෙන් නැවත අපේ ණයවල ස්ථාවර භාවයක් ඇතිකරලා තියනවා. අපි පොරොන්දු වෙලා තියනවා ඒ ගිවිසුම අනුව ක්‍රියාකරලා බංකොලොත් භාවයෙන් එළියට එන්න. එහෙනම් ඒ වැඩ කටයුතු කරන්න පුලුවන් අය තමයි මෙතෙන්ට පත් කරන්න තියෙන්නේ. මේ අයට (මාලිමාවට) පුලුවන්ද මේ වැඩ කටයුත්ත කරන්න. ඒක සාමාන්‍යයෙන් ඕනෑම ඡන්දායකයෙක් හිතන්න ඕන. මෙතෙන්ට ඇවිල්ලා නිකම් බොරු කිව්වා. බලය ආවාම ඒක දැන් ක්‍රියාත්මක කරන්න බෑ.
ඒකයි මම කියන්නේ. තමන් (මාලිමාව) අද රටට පෙන්නලා තියනවා තමන්ට කිසිම හැකියාවක් නෑ කියලා මේක පාලනය කරන්න, එදා කිව්වේ බොරු කියලා දැන් පෙන්නලා තියනවා… ඒකයි පලපුරුදු අය ගැන කියන්නේ. රනිල් වික්‍රමසිංහ පැවසුවේය.







