කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් රෝහල් ගත වන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් අවශ්‍යව ඇති බැවින් මෙම තත්වය සුළුවෙන් සැලකිම කිසිවිටකත් නොකළ යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි
අප දැන් මුහුණ දී සිටින්නේ ඉතා භයානක අවස්ථාවකට බවත් රෝගය පාලනය සඳහා ජනතාවගෙන් නිසි උපකාරය නොලැබුණහොත් සංචරණ සීමාවන් දැඩිකරන බවත් ලෝකයේ අන්රවල් වලත් මෙවැනිම පියවරයන් ගත් බවත් ඔහු පෙන්වාදේ.
අනවශ්‍ය ගමන් බිමන් සඳහා නිවසින් බැහැරට නොයෑමටත් අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා නිවසින් බැහැරවන්නේ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදිම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කරයි.