ශ්‍රියානි විජේසිංහ –
මාපාකඩ වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය මොනරාගල රෝහලේ ප්‍රසව හා නාරිවෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලක්ෂාන් විජේරත්නගේ දේහය තවමත් මහියංගන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (16) සිදුවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසිය.
වෛද්‍ය ලක්ෂාන් විජේරත්න 31 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු දිවුලපිටිය වෙළඟානේ පදිංචිකරුවෙකි.
ඊයේ උදෑසන රාජජකාරි කළ වෛද්‍යවරයා සවස 2ට සේවය නිමා කර තවත් තරුණ වෛද්‍යවරයෙක් සමග මාපාකඩ වැවේ ලාකාව සොරොව්ව අසලට දිය නෑමට ගොස් ඇත.
වැවේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් එක්වරම වෛද්‍යවරයා දියේ ගිලී ඇත. ඔහු සමග සිටි අනෙක් වෛද්‍යවරයා අසීරුවෙන් දියෙන් ගොඩට පැමිණි කෑ ගසා තිබේ.
ඔහුගේ හඬ ඇසී ගමේ පුද්ගලයින් පැමිණ වෛද්‍යවරයා ගොඩට ගෙන රෝහල්ගත කර ඇත.
වෛද්‍යවරු ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් දිවි ගලවා ගැනීමට නොහැකි වී ඇති බව මහියංගනය පොලිසිය පවසයි.







