මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ගැන අමතයි- වැඩ ගැන දිගටම ඇහැගහගෙන ඉන්නා බවත් කියයි

U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet speaks during the opening of the 41th session of the Human Rights Council, at the European headquarters of the United Nations in Geneva, Switzerland, Monday, June 24, 2019 (Magali Girardin/Keystone via AP)

ආහාර සුරක්‍ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද හදිසි නීති රෙගුලාසි ඉතා පුළුල් බවත් ඉදිරියේදී එයින් සිදු කරන කාර්යභාරය සහ සිවිල් කාර්යයන්හි හමුදා භූමිකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිබඳ අවධානයෙන් සිටින බවත් එම කාර්යාලයේ මානව හිමිතකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද ප්‍රකාශ කළාය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන 48 වැනි මානව හිමිකම් සැසිවාරයේ ආරම්භක දිනය වන අද, ඇය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිය මුඛ්‍ය දේශනය පවත්වමින් සඳහන් කළේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරීකරණය සහ වගවීම නොමැතිකම හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය ඛාදනය වෙමින් පවතින බව යයිද මානව හිමිකම් මහකොමසාරිස්වරිය සඳහන් කළාය.


කෙසේ වුවද ශ්‍රි ලංකාව තම ප්‍රගතිය සඳහන් කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත එවන ලද වර්තාව පිළිගන්නා බවත් ශ්‍රි ලංකාව ඉදිරියේදී මෙරට ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් සිදු කිරීමට යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා පසුගියදා ජාතිය අමතමින් එක්සත් ජාතීන් සමග වගවීම තහවුරු කිරීම පිණිස කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරනු දැකීම තම අපේක්ෂාව බවද සඳහන් කළාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිවිල් සමාජ නායකයින් සමඟ පැවැත්වූ හමුවීම් ගැන සඳහන් කරමින්, කනගාටුවට කරුණක් නම්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් වෙත සිදු කරන බිය ගැන්වීම සහ අධිකරණමය හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වූවා පමණක් නොව තවත් ඔබ්බට ගොස් රජය විවේචනය කරන ශිෂ්‍යයින්, විද්වතුන්, වෛද්‍යවරුන් වෙත පුළුල් කර ඇති බවද පැවසුවාය.

“සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සිදු වී තිබෙනවා. සිවිල් සමාජ කණ්ඩායම් පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය කෙරෙමින් පවතිනවා. ඔවුන් ගේ මූලික නිදහස සඳහා ඇති සීමා තවදුරටත් දැඩි කරනු ඇතැයි යන බියක් පවතිනවා.

සංකේතාත්මක මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන්ගේ වර්ධනයන් ගැන මම සැලකිලිමත් වනවා.. 2008 සහ 2009 වසර වලදී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් .

2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් පිළිබඳව මහ කොමසාරිස්වරයා සඳහන් කළ අතර ආගමික නායකයින් සත්‍යය සහ යුක්තිය සඳහා හදිසි ඇමතුම් අඛණ්ඩව ලබා දෙන අතර එම ප්‍රහාරයන්ට ඉඩ දුන් තත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද සඳහන් කළාය..

එසේම 2011 දී දේශපාලනඥයෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා මෑතකදී සමාව දීම ගැන සඳහන් කළ ඇය නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ දැමීමේ අවදානමක් ද මතු කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පොලිස් අත්අඩංගුවේදී තවදුරටත් මිය යාම සහ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සමඟ සිදු වූ පොලිස් ගැටුම් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම පිළිබඳ අඛණ්ඩ වාර්තා පළවනවා. මේ පිළිබඳව මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා” ඇය පැවසුවාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) භාවිතය අත්හිටුවන ලෙස ඇය ඉල්ලා සිටි ඇය මෙම පනත නැවත සලකා බැලීමේ අරමුණ රජය විසින් තහවුරු කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් ද ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත්, මිනිසුන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටි බවද ” මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ සිය ශ්‍රි ලංකාව පිළිබඳ දේශනවේදි තවදුරටත් ප්‍රකාශ කළාය.

Exit mobile version