මානව හිමිකම් කොමිසම ඉදිරියට නොයන බව ඇමති ටිරාන් කියයි!

කොළඹ විශ්වවිද්‍යාලය අවට පසුගිය 07 සහ 08 යන දින වල පැවැති උද්ඝෝෂණ සහ කැළණිය විශ්වවිද්‍යාලය අවට  පසුගිය 08 වන දින පැවැති උද්ඝෝෂණ  පාලනය කිරීම සඳහා පොලිසිය  ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාව සිදුකරන පරීක්ෂණයට අදාලව තමන් මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අද එම කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන්ට කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස විධිමත් ලෙස දන්වා නැති බවය.    අමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමට සභාපතිනිය ගත් තීරණය සම්බන්ධයෙන් සෙසු සාමාජිකයන් සිව් දෙනා නොදන්නා බවට මාධ්‍ය වාර්තා පල විය.

මානව හිමිකම් කොමිසම විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා කොමිසම ඉදිරියට කැඳවා තිබුණේ  උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කරගැනීමටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය ටිරාන් අලස්ට හෙට  (13)    දින පෙරවරු 10.00 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  වෙත පැමිණෙන ලෙස දන්වා තිබිණි.


Exit mobile version