මාදිවෙලින් එළියට විසිවෙන රංජන්ට චන්දිමාල් නිවසක් දෙයි

රූපලාවන්‍ය ශිල්පී, නිරූපණ ශිල්පී සම්බන්ධීකාරක චන්දිමාල් ජයසිංහ මහතා තමාට හිමි නිවාස තුනෙන් එකක් සිර දඩුව්ම ලබා සිටින රන්ජන් රාමනායක මහතාට භාර දෙන බව පවසා ඇතැයි වාර්තා වේ.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බඩු බාහිරාදිය ලබන සතියේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වීමෙන් අනතුරුව ය.

චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවකින් කියා සිටියේ නිදහස් වූ දිනයේ සිට රන්ජන් රාමනායක මහතාට සිය නිවසක වාසය කිරීමට සියලු කටයුතු සූදානම් කරන බවයි.


සිරගතව සිටින රාමනායකගේ බඩු බාහිරාදිය ඔහුගේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසින් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා විය.

නිවසක් සොයා ගන්නා තෙක් තම බඩු බාහිරාදිය මන්ත්‍රීවරයාගේ නිල නිවාසයේ තබා ගැනීමට රන්ජන් රාමනායකට මාස තුනක සහන කාලයක් ලබා දෙන ලදී. සහන කාලය මෙම මස 20 වන දිනෙන් අවසන් වේ.

උසාවියට ​​අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වීමෙන් පසුව, රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පාර්ලිමේන්තු අසුන මේ වසරේ අපේ‍්‍රල් මාසයේ පුරප්පාඩු වූ අතර පසුව අජිත් මන්නපෙරුම විසින් දිවුරුම් දෙන ලදී.

Exit mobile version