මාතලේ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. වාර්තා 2000ක් හිරවෙලා… සාම්පල 900ක් දෙන්න තැනක් නෑ…

මාතලේ දිස්ත්‍රික්කයේ පීසීආර් වාර්තා දෙදහසක ප්‍රතිඵල ලැබීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. පීසීආර් පරික්ෂණ සඳහා ලබා ගත් සාම්පල නවසියයක් පරික්ෂණ සඳහා යොමු කිරීමට ස්ථානයක් නොමැතිව ගොඩ ගැසී ඇති බවද දැනගන්නට තිබේ.

මේ වන විට වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගින් හැත්තෑවකට ආසන්න පිරිසක් මාතලේ දිස්ත්‍රික් රෝහලටත් රෝගින් එකසිය හතලිස් පහකට ආසන්න පිරිසක් ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් රෝගීන් හතලිහකට ආසන්න පිරිසක් දඹුල්ල මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යොමු කොට තිබේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර තවදුරටත් ආසාදිතවන රෝගීන් සඳහා කෝන්ගහවෙල ( අමන ) ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කොට ඇති අතර තවත් දින තුනකින් එම මධ්‍යස්ථානය විවෘත කිරිමට නියමිතය.  මේ වන විට මාතලේ දිස්ත්‍රිකකය තුළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවම කර ගත හැකිලෙස පහල ගොස් ඇති බවත් හුදකලා කිරීම හේතුවෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි ව ඇති බවත් මාතලේ දිස්ත්‍රිත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.


Exit mobile version