දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

සුමිත් පොතුපිටිය

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි .

මෙම අනතුර සිදුවන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත.  මරදාන සිට අලුත්ගම බලා  මෙම  දුම්රිය ධාවනයවී ඇති අතර මාගල්කන්ද දුම්රිය හරස් මාර්ගයේ ත්‍රීරෝද රථය ගමන් කිරිමේදී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල සිව්දෙනෙකු ගමන්කර ඇති බවත් සදහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාල කරුවන් බේරුවල ප්‍රදේශීය රෝහලට රැගෙන විත් ඇත. බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වති.


 

Exit mobile version