මහ වැසි නොතකා යාපනය සරසවියේ ස්මාරකය ඉදිකිරීම ඇරඹෙයි…

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කරන ලද යුද ස්මාරකය යළි ඉදිකිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අවසර ලබා ගෙන නොමැති නිසා ශිෂ්‍යයින් මේ දිනවල පවතින වර්ෂාව පවා නොතකා ස්මාරකය ඉතා කඩිනමින් ඉදි කිරීමට පියවර ගෙන තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අවසර ලබා නොගැනීම නිසා එම යුද ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට සිදුවුණි.

නමුත් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ  හා යාපනයේ දෙමළ දේශපාලන නායකයින්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ  උපකුලපතිවරයාට ඉවත් කළ යුද ස්මාරකය යළි ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමට සිදු විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය දේශපාලනඥයින් කීප දෙනෙකුද  යාපනය විශ්ව විද්‍යාලයෙන් යුද ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට විරෝධය පලකොට තිබුණි.

Exit mobile version