බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දම් දෙසන රාජගිරියේ අරියඥාන හිමිගෙන් රාජ්‍ය නායකයාට මතක හිටින බණක්

by Lanka Sara Editor
ජනවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයකු යනු තනි මතයට අනුව ක්‍රියා කරන්නකු නොවිය යුතු බවත් නිතර රැස්වී සමගිව කතා බහ කොට අන් අයගේ අදහස්ද ගෙන නිවැරදි ලෙස රට පාලනය කරන්නකු විය යුතු බවත් ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියෝ පවසති.

රුවන්වැලි සෑයට හෝ කතරගම කිරි වෙහෙරට පුද පූජා කළාට හෝ නායක ස්වාමීන් වහන්සේලා හමුවුණාට තමා හෝ බෞද්ධ නායකයකු යයි කියාගත්තාට සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයකු නොවන බවත් සැබෑ බෞද්ධ රාජ්‍ය නායකයකු රටේ ජනතාවට ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන් නිදහස්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ හැකි පුද්ගලයකු විය යුතු බවද ප්‍රකාශ කළ උන්වහන්සේ වර්තමානයේ පවතින සියලු ප්‍රශ්නවලට මුල අන් අදහස් නොසලකා තනි මතයට තීන්දු තීරණ ගැනීම බව භික්ෂුවක ලෙස තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ අතර තමන්ට අවශ්‍ය විවේචනය කිරීම නොව පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීමට බවද පෙන්වා දුන්හ.

ගුවන් විදුලි ධර්ම සාකචඡාවකට සහභාගී වෙමින් තවදුරටත් අදහස දැක්වූ අරියඥාණ හිමියෝ

“මට හිතිල තියෙන්නේ අද සමාජයට බණ කියන එකත් තේරුමක් නෑ කියල. ජනතාව තුළ මානසික ආර්ථික ප්‍රශ්න අඩුවෙල තිබෙන්න ඕන. ඔවුන් නිදහසේ ජීවත් වෙනන් ඕන. එහෙම නැතිනම් මේ කියන බණවලින් වෙන්නේ අපි ජනප්‍රිය වීම පමණයි. එයින් සමාජයට සෙතක් වෙන්නේ නෑ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

නායකයෝ සමගියෙන් රැස්වෙන්න ඕන. මේ මොහොතේ රට තුළ මතුවෙලා තිබෙන බරපතල ප්‍රශ්නය කුමක්ද, කළ යුත්තේ කුමක්ද යනන් සමගියෙන් සාකච්ඡා කළ යුතුයි.

අද ඒ දෙවල් වෙනවද? නෑ… මාධ්‍ය සංදර්ශන නැතිව නිවැරදි දේ දැන්වත් ක්‍රියාත්මක කළ යුතුයි. බුදු රජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට ඉස්සර දේශනා කරන්නේ වර්තමානය දැකල වගේ. උන්වහසේ තම දෙශනාවල සඳහන් කර තිබෙනවා, රටේ කෘෂිකර්මාන්ත තුළින් ජීවත් වන ජනතාවට අවශ්‍ය පොහොර අවශ්‍ය ණය මුදල් නොකඩවා ලබා දෙන්න. ඒවා දුර්වල කරන්න එපා. මේ දේශනා අදටයි වැදගත් වෙන්නේ. කෘෂිකාර්මික කටයුතු කරන ජනතාවට බීජ ටික අඩු මිලට දෙන්න. පොහොර ටික සහනාධාරවලට දෙන්න. වගා පහසුකම් ණය අඩු පොලියට දෙන්න. ඒවා රාජ්‍ය නායකයාගේ යුතුකම්.

ඒ වගේම පුංචි ළදැරියගේ පටන් වැඩිහිටි කාන්තාව දක්වා කාන්තාවගේ ආත්ම ගරුත්වය විනාශ වෙනන් දෙන්න එපා. මාතෘත්වය විනාශ වූ තැන ඒ සමාජයම විනාශ වෙලා. රාජ්‍ය නායකයා මම බෞද්ධයෙක් කියනවා. ඒ බෞද්ධ ගති එකක්වත් වෑ. මේ මොහොතේ පටන් නිවැරදි වෙන්න. බුදුන් වහන්සේ දේශනා කළ තැන් සිට රාජ්‍යය විචාරන්න.

රටේ ජනතාව මේ තත්ත්වයට පත් කරන්න කිසිම රාජ්‍ය නායකයකුට අයිතියක් නෑ. මේ ලැබුවාවූ අවුරුද්දේ මමත් ඇතුළුව අපිත් මානසික රෝගීන්. බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ උතුම් සෝවාන් ඵලයට පත් නොවූ අප සැම මානසික රෝගීන්. අප තනි මතයට වැඩ නොකළ යුතුයි. සාකච්ඡා කරන්න.

අපි නිහතමානී වෙන්න ඕන. රටේ රාජ්‍ය නායකතුමාට අපි ගරුකරනවා. බලවත් කොටි ත්‍රස්තවාදයක් තිබුණු වෙලාවේ නායකත්වය දුන් නායකයෙක්. එදා යුද්ධය කියන කාරණයක් දේශපාලනය කියන කාරණයත් කාරණා දෙකක්. කොටි ත්‍රස්තවාදියට එරෙහිහව මේ රටේ සෑම සාමකාමී කොටසකගේම සහයෝගය ලැබුණා. එදා මේ රටේ ජීවත් වුණ සියලුම ජනතාව සහය දුන්නා, කොටි ත්‍රස්තවාදියට එරෙහිව. කොටි ත්‍රස්තවාදියට උදව් කළේ ජාත්‍යන්තරය පමණයි. ඊට වඩා දේශපාලනය වෙනස්. දේශපාලනයේදී පිරිසක් ඡන්දය දුන්නට පිරිසක් විරුද්ධයි. මේ සියලු තත්ත්ව සලකා රාජ්‍ය පාලය කළ යුතුයි. “

එහිචී තවදුරටත් තම විචාරය දක්වමින් රාජගිරියේ අරියඥාණ හිමියන් සඳහන් කළේ රාජ්‍ය නායකයා රටේ හැම තැන ගොස් විහාර ආරාම රජයේ වියදමින් සෑදීම නොව විය යුත්තේ රටේ ධාර්මිකව උපයන බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවක් හොඳ ආර්ථිකයක් සැකසීමට උදව් කිරීම බවත් එයින් බිහිවන දානපතියන් අතින් මේ විහාර ආරාම නිර්මාණය විය යුතු බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට වැඩිහිටියන්ගෙන් බාගයක්වත් බූස්ටර් අරගෙන නෑ

Next Post

සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ අරමුදල් සහ පළමු වැටුප පාකිස්ථානයෙන් ගෙවයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.