මහ මැතිවරණයේ දී  GMOA  ඉල්ලු  පොහොට්ටු අපේක්ෂකයින් ගණන අඩු කළේ බැසිල් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන ඩීල් එක එළියට පනී...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මහමැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකින්ම එක සාමාජිකයකු පත් කරන ලෙසට බලපෑම් කළ බවත් එයට ජනාධිපතිවරයා ඇතුළු එම පෙරමුණේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කළද ඊට විරුද්ධ වූයේ බැසිල් රාජපක්ෂ  බවත් එම සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලංකාසරට පැවසීය.

පවතින තත්ත්වය හමුවේ අනන්‍යතාව හෙළි කිරීමට අකැමති වූ මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට අවශ්‍ය වූයේ වෛද්‍යවරුන් වෙනුවෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් හඬක් නැගිය හැකි වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට රජයේ වෛද්‍ය නිලධාරී  සංගමයට අවශ්‍යව තිබූ බවය.

පසුගියදා රූපවාහිනි දේශපාලන සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ   රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඊට දින දෙකකට පසුව එම සංගමයේ නවීන් සොයිසා වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තම සංගමය එවැනි ඉල්ලීමක් නොකළ බවය.  මේ පිළිබඳව ලංකාසරට අදහස් දක්වමින් මෙම වෛද්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ  පවසන්නේ අර්ධ සත්‍යයක් බවයි. තම සංගමය ඉල්ලු අපේක්ෂකයින් ප්‍රමාණය ඔහු ලබා නොදුන් බව මෙම වෛද්‍යවරයා චෝදනා කළේය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නියෝජනය සෞඛ්‍යය  ක්ෂේත්‍රයට අදාළ   තීරණ ගන්නා ස්ථානවල වැඩි කිරිමේ දැක්මකින් යුතුව තම සංගමය ක්‍රියා කරන බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී  ලංකා වෛද්‍ය සංගමය, සෞඛ්‍යය අමාත්‍යංශයේ ප්‍රධාන පෙළේ තනතුරු සඳහා තම සාමාජිකයින්ගේ නියෝජනය වැඩි කිරීෙමන්  ඔුවන් අපේක්ෂා කරන්නේ තම වෘත්තීය වරප්‍රසාද දිනා ගැනිමට පමණක් නොව  මෙරට සමස්ත සෞඛ්‍ය සේවයේ අර්බුද නිරාකරණය කිරීමට තම මැදිහත්වීම ප්‍රබලව ලබා ලැනීම  බව ද ඔහු මෙහිදි පැවසීය. අනුරුද්ධ පාදෙණිය සභාපතිවරයාගේ නායකත්වයෙන් යුතුව මෙම අරමුණ බොහෝ දුරට සාර්ථක කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට හැකියාව ලැබුණු බවත් පසුගිය මැතිවරණයේ දී වෛද්‍ය අපේක්ෂකයන් නියෝජනය වැඩි කිරීමට නොහැති වූයේ බැසිල් රජපක්ෂගේ  විරෝධය නිසා බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙහිදී ලංකාසර මෙම අපේක්ෂකයන් පොදුජන පෙරමුණෙන්ම පමණක් අපේක්ෂකත්වය ඉල්ලීමට හේතුව කුමක්දැයි කළ විමසීමේදී සඳහන් කළේ ඒ වනවිට පවතින දේශපාලන ප්‍රවණතාව තුළ ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් පොදුජන පෙරමුණට පැවතීමත් ඒ වන විට එම පෙරමුණ සමඟ දේශපාලනික වශයෙන්  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යම් අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීමත් ඊට හේතු වූ  සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද තරග කිරීමට අපේක්ෂා කළ වෛද්‍යවරුන් සියලු දෙනාම පොදුජන පෙරමුණ සාමාජිකයන් නොවන බවත් ඇතැම් වෛද්‍යවරුන් එම පෙරමුණ නියෝජනය කළ වාමාංශික පක්ෂවල සමාජිකත්වය දරන්නවුන් බවත් එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version