මහියංගණය 18 වංගුව පාර තාවකාලිකව වැසෙයි ! විකල්ප මාර්ග මෙන්න

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයේ  එනම් 18 වංගුව පාරේ 14 වංගුව අසලදී  ගල් සහ පසේ කන්දක් මාර්ගයට කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (04) රාත්‍රි  සිට මෙම මාර්ගය අවහිර වී ඇති අතර  මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. එබැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ගය පරිහරණය කරන මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version