මහින්දානන්දගේ කතාව නිසා 2011 ක්‍රීඩකයන්ටත් කට උත්තර දෙන්න වෙයි

තරගාවලියට  නම් කළ සහභාගී වූ, නොවූ සියලුම ක්‍රීඩකයන්ගේ හා  නිලධාරීන්ගේ නාම ලේඛනයක් කැඳවයි

ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ   විසින් කළ ආන්දෝලනාත්මක   ප්‍රකාශයට අනුව එම තරගාවලියට සහභාගි වූ සියළුම ක්‍රීකට් ක්‍රීඩකයන්ගෙන් සහ  නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ක්‍රිඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකය බලාපොරොත්තු වෙයි.

ඒ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට  නම් කළ සහභාගී වූ සහ නොවූ සියලුම ක්‍රීඩකයන්ගේත්  නිලධාරීන්ගේත් නාම ලේඛනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ලබාගැනීමට  මේ වන විටත් කටයුතු කර ඇති බව වාර්තා වේ. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ තරග පාවා දීම සම්බන්ධයෙන් වූ සුවිශේෂි කාරණා කිහිපයක් විමර්ශන කණ්ඩායම හමුවේ මතුකර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක්ද ලබාදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් වූ විමර්ශන පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වෙනම විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරන්නේ මෙම වසර මුලදීය. ඒ 2019 වසරේ අංක 24 දරණ පනතිනි. තරග පාවාදීමක් සිදුව ඇති බව කියන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  පැවැත්වී ඇත්තේ එම පනත සම්මතවීමට පෙර බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ  වෙනත් නීති ප්‍රතිපාදන මත බව වාර්තා වේ.


Exit mobile version