හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇති වත්කම් විමර්ශනයට අදාලව සහාය නොදැක්වීමේ චෝදනාව මත නෙවිල් වන්නිආරච්චි අද පෙරවරුවේ එම කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
ඔහුව අත් අඩංගුව ටගනු ලබන්නේ අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ දී ය.







