මහාචාර්ය රනිල් ජයවර්ධන ප්‍රසන්න රණතුංගට පුද්ගලික ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරයි…

අද ( 07) සිය පෝෂණ ගැටලුවක් සම්බන්ධව උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥ පෝෂණවේදියෙක් වූ මහාචාර්ය    රනිල් ජයවර්ධන  පුද්ගලිකව හමුවීම සඳහා  ලංකා රෝහලට ගිය   මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගට  ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයා විසින්  ප්‍රතික්ෂේප කර තිබේ.

අද දහවල්  පැවති විශේෂ රැස්වීමකින් පසු කලින් වෙන්කරගෙන තිබූ වෙලාවක් අනුව ප්‍රතිකාර ගැනීමට ඔහු ලංකා රෝහල වෙත ගොස් ඇත. ඔහුගේ අංකය එනතුරු රැඳී සිටිය දී  හෙදියක් පැමිණ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට දන්වා ඇත්තේ මහාචාර්යවරයා දේශපාලකයින්ට වෛද්‍ය උපදෙස් ලබා දීමෙන් වැළකී සිටින බවය.

එහෙත් තම අවස්ථාව එන තුරු රැඳී සිටි ඇමතිවරයා වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබේ. එහිදී මහාචාර්ය රනිල් ජයවර්ධන පවසා ඇත්තේ තමන් පුද්ගලිකව දේශපාලඥයින්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇති බවය. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා තයිරොයිඩ් ආබාධයකින් පෙළන වග දැනගන්නට ඇත.

මහාචාර්ය රනිල් ජයවර්ධන  විශේෂඥ  සායනික පෝෂණවේදියෙකි.   ඔහු ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයෙන් සායනික පෝෂණය පිළිබඳ MSc (ගෞරව) උපාධියක් සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ටෙක්නොලොජි  විශ්වවිද්‍යාලයෙන් පෝෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ ,එක්සත් රාජධානියෙත්,  ඔස්ට්‍රෙලියාවේත්   ලියාපදිංචි පෝෂණවේදියෙකි. දැනට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මහාචාර්ය රනිල් ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව මෙන්ම පක්ෂව ද මත පලවෙමින් තිබේ.

Exit mobile version