මහවිරු සැමරුම තහනමට එරෙහි අධිකරණ තීන්දුවලට එරෙහිව ශිවාජිලිංගම් අධිකරණයට යයි!

දිනසේන රතුගමගේ –

උතුරේ මහවිරු උළෙල  පැවැත්වීම තහනම් කරමින් අධිකරණ විසින් ලබා දුන් තීන්දුවලට එරෙහිව තමන්  අභියාචානාධිකරණයට පෙත්සමක් ගොණු කරන බව දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම් අද ( 26 ) පැවසීය.

පොලීසිය විසින් වැරදි තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ලබා ගත් වාරණ නියෝග නිසා දෙමළ වැසියන් විශාල පිරිසකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය  වී ඇති බව පෙන්වා දෙන සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ලෝකයේ ඕනෑම රටක මියගිය පිරිසක් සිහි කිරීම සඳහා මිනිසුන්ට සදාචාරාත්මක අයිතියක් ඇති බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණවලින් ලබා දී ඇති වාරණ නියෝග වලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරණ අතරවාරයේදී 27 වෙනිදාට උතුරේ ජනතාව සමග එකතු වී තමන් මහවිරු උළෙල  සමරණ බවද සදහන් කළේය.


Exit mobile version