දිනසේන රතුගමගේ –
1996 වසරේ මහ බැංකු බෝම්බ ප්රහාරය සැලසුම් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර ගත කොට සිටින යාපනයේ හිටපු කොටි නායකයෙකුට සිය මවගේ අවමංගල උළෙලට සහභාගී වීමට 19 දා අවසර ලබා දී තිබුණි.
දැනට වසර 26 ක්ම බන්ධනාගාරයේ සිටින විග්නේශ්වරනාදන් පාර්තිබන් හෙවත් කුට්ටි නැමති මෙම කොටි බෝම්බකරුවාගේ මවගේ ආදාහනය යාපනයේ තිරුණවේලී ප්රදේශයේ පැවති අතර ඔහු එම ප්රදේශයට බන්ධනාර නිලධාරීන්ගේ හා පොලීසියේ දැඩි රැකවරණ මැද රැගෙන එන ලදී.
මවගේ ආදාහනයෙන් පසුව ඔහුව ආපසු බන්ධනාගරය වෙත රැගෙන යන ලද අතර 2017 වසරේදී ඔහුගේ පියා මියගිය අවස්ථාවේදීද ඔහුට සිය පියාගේ අවසන් කටයුතු වලට සහභාගී වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබී තිබුණි.