මහනුවර කටුගස්තොට හල්ඔළුවේ පිහිටි ශ්‍රී සාරානාථ ධර්ම විද්‍යාපීඨ මහ පිරිවෙනේ තිබූ සුදු යකඩ පාත්තර 50ක්, බෆල් දාහතරක් ,ඈම්ප් හතරක්, ශබ්ද පරිපාලන යන්ත්‍ර තුනක්, වයර් රෝල් හතරක්, සොරා ගත් හිමිනමක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිමි නම විසින් සොරා ගත් සුදු යකඩ පාත්තර 50 පූජා භාණ්ඩ වෙළඳ සැලක තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
එමෙන්ම පිරිවෙන් ගොඩනැඟිල්ලේ තිබූ බෆල් 14, ,ඈම්ප් 04, ශබ්ද පරිපාලන යන්ත්‍ර 03, වයර් රෝල් 04 එම හිමිනම ගේ ඥාතියෙකුගේ නිවසක තිබී සොයා ගන්නට පොලිසිය සමත් වී ඇත.
කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.