මහනුවර වධක සිද්ධියේ කපුවා දවස් හතක් රක්ෂිතයට

මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුසිය එකට තබා ඇණ ගසා වධ දුන් සිද්ධියේ සැකකාර කපුවා වන වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙක් ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් එල්.ජී. ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන බව කියන දුෂ්මන්ත ප්‍රනාන්දු නමැත්තා නොමැත්තා ඊයේ (01) පල්ලෙකැලේ පොලිසියට බාර වූ අතර අද ඔහු තෙල්දෙණිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී මෙම පරීක්ෂණ කටයුතු තවමත් සිදුවන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීම අනුව සැකකරුවන් දින හතක් බන්ධනාගාරයේ රැඳවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.


මෙම කපුවා පොලීසියට භාරවීමට පෙර සිය ෆේස්‌බුක්‌ ගිණුමේ වීඩියෝවක්‌ නිකුත්‌ කරමින්‌ කියා සිටියේ තමන්‌ දේව දරුවෙක්‌ බවත්‌, මෙවැනි අපරාධවලට සම්බන්ධ නැති බවත්‌, ඇණ ගැසූ පුද්ගලයන්‌ දෙදෙනා තමන්ගේ විරුද්ධවාදීන්‌ වුවද තමන්‌ ඊට සම්බන්ධ නැති බවත්‌ ය.

පුද්ගලයින්‌ දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස්‌ කොටයකට තබා ඔවුන්‌ දෙදෙනාගේ දෙඅත්‌ වලට පරාල ඇණ ගසා අමානුෂික වධයට ලක්‌ කළ කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක්‌ පවත්වාගෙන ගිය කපුවා සිද්ධියෙන් පසුව කතරගම ප්‍රදේශයේ සැඟ වී සිටින බවට විමර්ශන ආරංචි පළවිය.

වධක සිද්ධියේ කපුවා නුවර ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරුන්ගේ හා ඔවුන්‌ මාර්ගයෙන්‌ රටේ ඉහළම දේශපාලන බලවතුන්ගේ හිතවත්‌ කම්‌ ගොඩනගා ගත්තෙක්‌ බව කියැවේ.

සැකකාර කපුවා සහ වධයට ලක්වූ දෙදෙනාත්‌, ඔවුන්‌ වදයට ලක්කළ බව කියන කපුවාගේ ඥාති සොයුරන්‌ කිහිප දෙනාත්‌ මත්ද්‍රව්‍ය ජවාරම්ට සම්බන්ධ පුද්ගලයන්‌ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයන්‌ දෙදෙනා අමානුෂික වදයට ලක්‌ කළ කණ්ඩායම මේ වදක සිද්ධියට පෙර මීවතුර ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමකට පහර දී තුවාල කිරීම හා පුද්ගලයෙක්‌ කපා දැමීම සිදු කර ඇති බවත්‌ මේ සිදුවීම්‌ නිසා රෝහල්ගත වූ පුද්ගලයන්‌ සම්බන්ධව පොලිසිය හෝ රෝහල නීත්‍යානුකූල පටිපාටියට කටයුතු කර නැති බවත්‌ හෙළි වී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇණ ගැසූ පුද්ගලයන්‌ දෙදෙනා මේ වනවිට සුව අතට හැරෙමින්‌ සිටින බව රෝහල්‌ ආරංචි මාර්ග කියයි.

Exit mobile version