මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 25 000කට නිවසේදී එන්නත්

vacc

එන්නත්කරණ මධ්‍යස්ථාන සඳහා පැමිණීමට නොහැකි මහනුවර දිස්ත්‍රික්කයේ විසිපන්දහසකට අධික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා නිවෙස් තුළදී එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කරන බව දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ   පවසයි.

ඉකුත් 26 වන දින ආරම්භ කළ වැඩිහිටි එන්නත්කරණ වැඩසටහන සැප්තැම්බර් මස 28 දින දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරන බව මාර්ගත තාක්ෂණය පසුගිය දා රැස්වූ මධ්‍යම පළාත් කොවීඩ් කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයෝවෘද්ධ බව හෝ වෙනත් හේතුමත එන්නත්කරණ මධ්‍යස්ථාන සඳහා පැමිණීමට නොහැකි වැඩිහිටියන් 25511 දෙනෙකු සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එන්නත්කරණය සිදුවන බව  ඔහු  කීවේය.


Exit mobile version