මහනුවර කාන්තාවකට එක් එකවර කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක්… ඇය දැන් පේරාදෙණිය රෝහලේ…

කාන්තාවට කොවිඩ් එන්නත් දෙකක් එකවර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කාන්තාවට මෙම එන්නත් මාත්‍රා දෙක එකවර ලබා දී අරත්තේ මහනුවර ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය.

අද දින (21) මහනුවර කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන  යටතේ   එන්නත ලබා ගැනීම සඳහා මෙම කාන්තාව ඔගස්ටාවත්ත  මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ  කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ලබාදී තිබෙන බව ඇගේ සැමියා විසින් පැමිණිලි කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් දෙකක් ලබාදුන් බව කියන කාන්තාව අදාළ ස්ථානයේදී ක්ලාන්ත තත්ත්වයට පත්වී ඇත. පසුව  එහි සිටි සෞඛ්‍ය සේවකයින් විසින් මූලික ප්‍රතිකාර ලබාදී  ඇයව නිවෙස වෙත පිටත්කර ඇරියත් නැවත වරක් ක්ලාන්ත වූ ඇය දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version