මහනුවර කඩාවැටුණු නිවසේ සුන්බුන් ඉවත් කරන්න ලක්ෂ 28 ආණ්ඩුවෙන් ගෙවයි

මහනුවර බූවැලිකඩ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමට වැය වේ යැයි ඇස්තමේන්තු ගත කළ රුපියල් ලක්ෂ 28 ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට පියවර ගෙන ඇත.

එම මුදල මේ වන විට මුදල් අමාත්‍යාංශයේ මගින් අනුමත කර ඇති අතර ඒ අනුව මහනගර සභාව මගින් එම සුන්බුන් ඉවත් කිරීමට නියමිතය.

මේ වනවිට මහනුවර නාගරික කොමසාරිස්වරයාව සිටි චන්දන තෙන්නකෝන් මහතා මහනුවර දිසාපතිවරයා ලෙස පත්ව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව නාගරික කොමසාරිස්වරයා පත් වූ සැනින් මෙම සුන්බුන් ඉවත් කිරීම ආරම්භ වනු ඇතැයි මහනුවර නගරසභාවේ ආරංචිමාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version