මහනුවර ඇසළ පෙරහර මංග්‍යය ආරම්භ කරමින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍යය කප අලුත්නුවර ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලයේ සිට සිංහ රාජා ඇතා මතින් වැඩම කිරීම අද (25) දහවල් සිදු කෙරුණි.
අලුත් නුවර සිට කිලෝ මීටර් 26 ක දුර ගෙවමින් මහනුවරට පැමිණි සිංහ රාජා ඇතා මහනුවර ඔරලෝසු කණුව අසළින් ගමන්ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
දෑලේ ඇතුන් ලෙස අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සුරනිමල හා දිවවඩන නිළමේවරයාගේ බණ්ඩා හස්තීන් ගමත් ගත්හ.







