මර්වින්ගේ පුත් මාලකගේ “ඔන්ලයින්“ චණ්ඩිකම උසාවියෙන් කෙළවර ලකුණු…

තලංගම පොලිසිය අත්අඩංගුවට ගන්න සොයයි

මෙවර මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතිකපක්ෂයෙන් තරග කරන හිටපු අමාත්‍ය මර්වින් සිලවා ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට තලංගම පොසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුව අති හේතුව ලෙස වාර්තා වන්නේ තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ ව්‍යාපාරිකයකුට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ලද තර්ජනයක්  බව සඳහන් වේ.

ලංකාරසරට වාර්තා වන ආකාරයට පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ වෙළෙඳසැළක් ලබා ගැනීමට මර්වින් සිල්වාගේ උපකාර ලබා ගත් එක් මත්ස්‍ය ව්‍යාපාරිකයකු ඔහුට මෙවර මහ මැතිවරණයේදී පෝස්ටර මුද්‍රණය කර දෙන බවට පොරොන්දු වී ඇත. එහෙත් මෙවර පෝස්ටර් භාවිතයක් නොමැති බැවින් මේ වනවිට තම පියාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දැඩි සේ නිරතව සිටින මාලක   මැතිවරණ ප්‍රචාරණයේ වෙනත් වියදම් සඳහා ඒ වෙනුවට මුදල් දෙන ලෙස එම ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇත


එම මුදල් දෙන බවට පොරොන්දු වුවද මෙම ව්‍යාපාරිකයාට අදාල පොරොන්දුව ඉටු කරදිය නොහැකිව තිබේ.
එවැනි තත්වයක් තුළ මාලක සිල්වා   සමාජ මාධ්‍ය ජාල හරහා මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් විවිධ දේ පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ එම ව්‍යාපාරිකයා තමන්ට මාලක සිල්වාගෙලන් තර්ජන එල්ල වන බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇ.ත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පැමිණිල්ලට අදාළ විමර්ශන සඳහා ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටින අතර ඒ අනුව අධිකරණ නියෝගයක් ගෙන ඇති බව වාර්තා  වේ.  සැකකාර මාලක තම පියා එ.ජාප ආසන සංවිධායකත්වය දරන මැදවච්චිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපය ගත කළ බව ලංකාසරට වාර්තා වේ

Exit mobile version