මර්දනයෙන් සහ බැටන් ප්‍රහාරවලින් සාමකාමී විරෝධතා යටපත් කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොව ෆැසිස්ට්වාදයයි !

අද දින සවස දෙකට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඊට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් මාර්ගයද එම පාලනාධිකාරියට ලබා දෙමින් අරගල කරුවන් යම් සාධනීය පියවරක් ගැනීමට සිටි මොහොතක එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අපි ලිබරල් තරුණ ව්‍යාපාරය දැඩි සේ හෙලා දකී.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති එම ව්‍යාපාරය සිය නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වූ ගෝල්ෆේස් අරගලය, ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වුවද පවත්වාගෙන යන්නට අරගලකරුවන් තීරණය කර තිබුණි. ඔවුන් ඒ සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ද ප්‍රකාශ කර තිබු පසුබිමක අද දිනයේ මේ සාමකාමි විරෝධතාවයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අරගලකරුවන් ට සහ දේපල වලට දැඩි ලෙස අලාභහානි සිදු කර ඇත.
මර්දනයෙන් හෝ බැටන් ප්‍රහාරවලින් රටක දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නොහැකිය. දේශපාලන ස්ථාවරත්වය ඇති කළ හැකි එක ම ක්‍රමය සම්මුතීන් ගොඩනැංවීම ම පමණි. මෙවැනි ප්‍රහාර සහ මර්දනකාරී ක්‍රියා පිළිවෙත් නිසා සිදුවන එක ම දෙය රට අස්ථාවරත්වයේ පතුළට ම ඇද වැටීම ය. අත්දැකීම් සහිත, පළපුරුදු දේශපාලනඥයෙකු වන රනිල් වි=ක්‍රමසිංහ මහතාට මෙය නොවැටහීම පිළිබඳව අපි විමතියට පත්වන්නෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තව කෙනෙකුගේ අදහසක්, මතයක් දරාගැනීම ලිබරල්වාදියෙකුගේ මූලික ලක්ෂණ වන අතර, රනිල් වික්‍රමසිංහ එවැනි ලිබරල් ලක්ෂණයකටවත් අනුකූල නොවීම කණගාටුවට කාරණාවකි. සාමකාමී සහ නිරායුධ විරෝධතාකරුවන්ට පහර දී ශාරීරික හානි සිදුකිරීම ෆැසිස්ට් පාලනයක ලක්ෂණයකි. එමනිස අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසෙන සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකෙන, නීතියේ ආධිපත්‍යය සහතික වන සමාජ වටපිටාවක් ගොඩනැගෙන පරිදි ක්‍රියා කරන ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

Exit mobile version