ශ්‍රියානි විජේසිංහ –
ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසළ දී ඊයේ (4) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් අතර 08 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව ලංකාසර කළ විමසුමකදී බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත්පා අහිමි වී ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේය.
තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 8දෙනෙක් සිටින අතර ඔහුන්ගේ තත්ත්වයවන් බරපතල නොවන බවද හෙතෙම පැවසුවේය.
දැඩිසත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබන පිරිිස තවමත් නිවැරදිව කිය නොහැකි බවත් දහවල් වන විට එය නිවැරදිව කිව හැකි බවත් වෛද්‍යවරයා පැවසුවේ.
කෙසේ නමුත් ඊයේ රාත්රියේදී රාවණා ඇල්ල ප්‍රදේශයේ අඩි 200ට අධික ප්‍රපාතයකට විශාල කඹ යොදා ගනිමින් බැස රෝහලේ වෛද්‍යවරුන්, හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් තුවාල කරුවන් බේරාගැනීමට කටයුතු කළ බවත් පාන්දට 4.00 පමණ වන තෙක් තුවාල කරුවන් සහ මිය ගිය පුද්ගලයින් සොයා මෙහෙයු ක්‍රියාත්මක කළ බවත් වෛද්‍ය රාජපක්ෂ පැවසුවේය.
විනෝද චාරිකාව සඳහා පැමිණි පිරිස නිවැරදිව කීමට කිසිවෙකුට අද (5) පාන්දර වන විටත් හැකියාවක් නොතිබු අතර සුන්බුන් අතර තවත් මළ සිරුරු තිබෙනු ඇතැයි සැක පළ කරන බවද වෛද්‍යවරයා පැවසුවේය.







