කොවිඩ් මරණ පහක් එක දිගට වාර්තා වීමත් ඊයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 167කින් ආසාදිතයන් 71ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග මහනුවර සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිළධාරි වසමේ වෙලමැද පාරගම ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා තිබේ.
මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පැවසුවේ මේ දත්ත සමග ප්‍රදේශය දැඩිව කොවිඩ් වෛරසය පැතිරී යන ප්‍රදේශයක් බව සෞඛ්‍ය අංශ නිර්දේශ කළ බවය.
ඒ සමග අද (30) රාත්‍රියේ සිට මෙම ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පැණවීමට පියවර ගන්නා ලෙස කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලා තිබිණි.