මරණ කඳු වළක්වන තීන්දුවක් නැති ආණ්ඩුව වැනෙයි… රට වහනව නැද්ද තීරණය කරන්න ජනපති අදත් සාකච්ඡාවක…

Gothabhaya-Rajapaksha

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අංශ දැඩි සේ ඉල්ලා සිටි රට වසා දැමීමේ යෝජනාවට නිසි පිළිතුරක් ලබා නොදුන් රජය අද (13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යළිත් වරක් කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

එම සාකච්ඡාවට ඇමතිවරු පිරිසක්, ඉහළ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායමක් කැඳවා තිබේ.
මේ වනවිට රට තුළ පැතිරී යන කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා රට අගුළු දැමිය යුතු බව සෞඛ්‍ය අංශ තරයේම ප්‍රකාශ කිරීමත් රජය ඒ සඳහා කිසිම නම්‍යතාවයක් නොදැක්වීමත් නිසා මේ කරුණු සාකච්ඡා වට ලෙස ඇදෙමින් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

දිනපතා වාර්තාවන 100 ඉක්මවූ  මරණ සංඛ්‍යාව හා දිනපතා වාර්තාවන තුන්දහසට අධික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති මේ තත්වයට ප්‍රායෝගික පිළිතුරක් නොදී තත්වය පාලනය කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තිකයන් දන්වා ඇත.

අද සාකච්ඡාව තීරණාත්මක වනු ඇති බවත් රට වැසීම හෝ පවත්වා ගැනීමේ රජයේ ස්ථාවරය අද ප්‍රකාශ වනු ඇති බවත් සෞඛ්‍ය අංශ පැවසුවේය.

Exit mobile version