මනාප ගුටි කෙළි ඇරඹේ… මුල්ම වාර්තාව දකුණෙන්

පොහොට්ටු සාමාජිකයෝ දෙපිරිසක් මනාප පොරයක පැටලෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද (21) දහවල් දෙණියාය – කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ  දී ඇති වූ ගැටුමකින් තුන් දෙනෙක් තුවාල ලබා දෙණියාය රෝහලට ඇතුළත් කර ඇත.

ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජිව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රි මානෙල් ආනන්ද , ජීවන් ලංකාතිලය යන පුද්ගලයන්ය.

මාතර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක නිපුන රණවකගේ ආධාර කරුවන් පිරිසක් ඔහුගේ මානප අංක ජනතාවට ලබා දීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම සංවිධානය කර ඇත.


රැස්වීම  ආරම්භ කර සුලු මොහොතක් ගතවන විට ප්‍රදේශයේ වෙනත් අපේක්ෂකයෙකුගේ අංක ප්‍රදර්ශනය කරමින් නිපුණ රණවකගේ ආධාරකරුවන් සමග වචන හුවමාරුවක් ඇතිකරගෙන තිබේ.

අපේක්ෂකයන් දෙදෙනාගේ ආධාර කරුවන් අතර ඇති වූ මෙම වචන හුවමාරුව අවසානයේ එකම ගාලගෝට්ටියක් හා ගුටි කෙළියක් බවට පත්ව තිදෙනෙක් තුවලා ලැබීමෙන් නිමා වී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කර ඇත. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව දෙනියාය රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හම්න්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙනිය හකුරුවෙල ප්‍රදේශයේ දී ඊයේ (20) ත් මෙවැනි ගැටුමක් ඇති වී තිබේ. අගුනකොලපැලැස්ස ප්‍ර.සභාවේ උපසභාපතිගේ පහර කෑමට ලක් වූ චමිල කුමාර වන්නිආරච්චි නැමැත්තෙකුට  රෝහල්ගතව ඇත.

Exit mobile version