මන්නාරමට අසාධ්‍ය වූ කැස්බෑවුන් 02ක් ගොඩගසයි… එක් කැස්බෑවෙක් මරුට…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ තාවුල්පාඩු මුහුදු වෙරලට සුළු තුවාල සහිතව කැස්බෑවන් දෙදෙනෙකු 17 දා සවස ගොඩ ගසා ඇති අතර ඉන් එක් කැස්බෑවෙකු ස්වල්ප වේලාවකට පසුව මියගොස් තිබේ.

අනෙක් කැස්බෑවා ධීවරයින් විසින් මුහුදු වෙරලේ අටවා ඇති පොල් අතු අට්ටාලයක් තුලට වී සිටින නමුත් එම කැස්බෑවාද කිසියම් අපහසුතාවයකින් සිටින බව මන්නාරමේ ධීවරයෝ ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට දැණුම් දී තිබේ.

Turtles
පණ අදිමින් සිටින කැස්බෑවා..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් එළියට ආ ප්ලාස්ටින් ද්‍රව්‍ය හා කොටස් මන්නාරමේ මේ ප්‍රදේශයටද පාවී ආ නිසා කැස්බෑවන් දෙදෙනා ගොඩට ගසන්නට ඇත්තේ ඒවායෙහි බලපෑමක් නිසා බව ධීවරයින් ප්‍රකාශ කළත් ධීවර පරීක්ෂක නිලධාරීන් සදහන් කළේ විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Exit mobile version