මධ්‍යම සංස්කෘතික අරමුදල අභයාරාමයට ගෙනියයි!… මාසික කුලිය මිලියනය පනී!

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක  212/1, දරණ තැන පිහිටා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය මාසයකට දොලොස් ලක්ෂ පනස් දහසක කුලියකට  අභයාරාමයට අයත් කොළඹ 05, නාරාහේන්පිට, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද මාවතේ අංක 530 දරන ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් තිබේ.

මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් යොදවා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරවමින් ඇති බව වාර්තා වේ.

ප්‍රධාන කාර්යාලයේ සිදුකරන අලුත්වැඩියාවක් නිසා තාවකාලිකව මෙම කාර්යාල මාරුව සිදුකළ බව මේ පිළිබඳව කළ විමසීමක් දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.


මේ වනවිට අරමුදලේ පාලන අංශය එම ගොඩනැගිල්ල වෙත අනුයුක්ත කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර පොදුජන පෙරමුණේ කාර්යාලයක් ලෙස ද මෙම ගොඩනැගිල්ල භාවිත කර තිබිණි.

 

Exit mobile version