මධ්‍යම සංස්කෘතික අරමුදල හෙට යළිත් කෝප් කමිටුව හමුවට !

පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව හෙට (07) දිනයේ රැස්විමට නියමිත අතර එහිදී මුලින්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කැඳවා ඒ පිළිබඳ ව විමසීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී එම අරමුදලේ පසුගිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යළිත් වතාවක් විමසීමට නියමිත වේ.

මෙයට අමතරව අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා ද කෝප් කමිටු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එ අනුව 08 වැනිදා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවත් නව වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් කමිටුව හමුවට කැඳවීමට කටයුතු සැලසුම් කර තිබේ.


Exit mobile version