මධ්‍යම අධිවේගයේ සාපරාධී ගැහිලි විගණනය හෙළි කරයි…

ජාතික ධනය අවභාවිතා කර රට ටික ටික බංකොලොත් කළේ මෙහෙමයි...

ලලිත් චාමින්ද –

මධ්‍යම අධිවේගි මාර්ගයේ  තුන්වැනි කොටසේ සිවිල් ඉදිකිරිම් කටයුතු කිසිවක් මේ දක්වා ආරම්භකර නොතිබුනද 2013 වර්ෂයේ පිහිටුවා තිබු  ව්‍යාපෘති මෙහෙයුම් ඒකක වෙනුවෙන් රුපියල්  මිලියන 834 ක මුදලක් වැයකොට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධව 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම  ඉඩම් අත්පත්කරගැනීමේ කටයුතු කඩිනම් කිරීම සදහා රාජ්‍ය ආයතන 04කට  රුපියල් මිලියන 32.2ක මුදලක් දිරි දීමනා වශයෙන් ගෙවා තිබුනද ඉඩම් අත්පත්කරගැනීමේ කටයුතු  ඉතා මන්දගාමි තත්වයක් පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ඉඩම් කට්ටි 3264ක් අත්පත්කරගැනිම සඳහා සැලසුම්කොට තිබු අතර  ඉන් ඉඩම් කට්ටි 2556ක් සඳහා  වන්දි වශයෙන් රුපියල් මිලියන 4834ක් ගෙවා තිබුණි. ප්‍රමාද පොලිය වශයෙන් ද රුපියල් මිලියන 98ක් ගෙවා තිබු අතර  එහෙත් ඉඩම් කට්ටි කිසිවක් මේ දක්වා ඉඩම් අත්පත්කරගැනිමේ  පනතේ 44 වැනි වගන්තිය අනුව  මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිකොට නොතිබුණි.

මෙකි අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ  ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම සඳහා  ප්‍රසම්පාදන කටයුතු 2014 වර්ෂයේ සිට අවස්ථා කිහිපයකදි සිදුකළ බවත්   එහෙත් 2021ට පෙර සිදුකරනු ලැබු සියලු ප්‍රසම්පාදනයන්  රජයේ තිරණ මත හෝ  ණය ආධාර මුදල පිළිබද අවසන් එකඟතාවයකට  නොහැකිවිම මත අතරමග  නවතා දැමු බවත්  අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශ කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  පොලීගෙවා ඇති සියලු ඉඩම් කැබලි සදහා  44 වැනි වගන්තිය යටතේ  පැවරුම් ක්‍රියාවලිය කඩිනම් කිරිමට කටයුතු කර  ඇති බවත් 2021 වර්ෂයේ 11.05 වැනිදිනය කැබලි 70ක් පැවරිමේ කටයුතු අවසන්කොට වි්‍යාපෘතිය වෙත ලබාදි ඇති බවද  කළමණාකාරිත්වය මගින් ප්‍රකාශකොට ඇත.

 

Exit mobile version