මදූෂ් ගැන සීඅයිඩිය වැඩ කළ හැටි සොයන්න විධිමත් පරීක්ෂණයක් කරන්න

මාකඳුරේ මධුෂ් මියයන මොහොත දක්වාම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සමඟ කටයුතු කළ බවට සහ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී නිසි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්වී නොමැති බව අඟවමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයතු විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මධුෂ් භාරව ක්‍රියාකළ පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි ප්‍රධානියාගෙන් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙවැනි විධිමත් පරීක්ෂණයකින් මධුස් සම්බන්ධයෙන් එවැනි විමර්ශණයක් සිදුවූයේද නැද්ද යන්න පිළිබඳව මෙන්ම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියදී ජාවාරම්වලට සම්බන්ධ වූයේද නැද්ද පිළිබඳව ඇත්ත නැත්ත හෙළිකර ගතහැකි වනු ඇති බවද ලංකාසරට අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.

ඔහුට අනුව මාකඳුරේ මධුෂ්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින අවස්ථාවේදී කිසිදු ජංගම දුරකථනයක් භාවිත කිරීමට ඉඩලබාදී නැති අතර ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සියලු විස්තර සහ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.


රැඳවුම් නියෝග මත සිටින මෙවැනි අපරාධකරුවකු සම්බන්ධයන් දෛනිකව ඔහුගේ ක්‍රියා කාලාපයන් ස්බන්ධයෙන් වාර්තා තැබිය යුතු වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ එලෙස ඔහු සම්බන්ධයෙන් එහි ගතකළ කාලය පුරා සියලු වාර්තා පවතින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර විසින් මෙම පුද්ගලයාගෙන් නිසි ලෙස විමර්ශණ සිදුනොකළ බව ප්‍රකාශ වුවද මධුෂ් ෂානි අබේසේකර මහතා එයින් ඉවත් කිරීටමෙන් පසුව ද වසරකට ආසනන් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ රඳවාගෙන සිටි බවත් විධිමත් පරීක්ෂණයක් සිදුකළහොත් මේ සියල්ල පිළිබඳව තොරතුරු හෙලිකර ගතහැකි වනු ඇති බව මෙම නිලධාරියා පැවසීය.

Exit mobile version