අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමෙක් බවට සැක පිට අරාබි ජාතිකයෙක් අත්අඩංගුවට…

පලඟතුරේ වොන්ඩලන් පාක් ප්‍රදේශයේ ලැගුම්හලක  රැඳී සිටිමින් අන්තර්ජාතික  මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බවට ලද බුද්ධි තොරතුරක් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ (25) සවස    සැක  පිට අත්අඩංගුවට ගෙන කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබීය.

මෙම වැටලීමේ දී සැකරු සතුව තිබී නීති විරෝධී මූල්‍ය වංචා සඳහා යොදාගත් බවට සැක කෙරන සැකකරුට අයත් නැති  ක්‍රෙඩිඩ්කාඩ් පත්වල දත්ත, විෂ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඡායාරූප හා  වීඩියෝ දත්ත ඇතුළත් වැදගත් තොරතුරු ප්‍රමාණයක් හා අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි  සඟවා තැබූ වායු රයිෆලයක්, මත්ද්‍රව්‍ය මැනීමට ගන්නා සූක්ෂම තරාදියක්, ජංගම දුරකථන හතරක්, සිම්පත් පහක්,  පොලිස් භාරයට ගෙන තිබිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අලි මොහොමඩ් අබ්දුල්ලා සලීම් (35)  නැමැති මෙම සැකකරු අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Exit mobile version