මතභේද මැද කරාපිටියේ කොවිඩ් මළ සිරුර ආදාහනය කෙරේ

සිරුර ගෙනයන තෙක් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරු සේවාවෙන් ඉවතට

ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට තිබු කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව අද පෙරවරුවෙ (24) දැඩැල්ල ආදාහනාගාරයේ දි ආදාහනය කර තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ සිට මෙම මළ සිරුර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරින්ගේ අධික්ෂණය යටතේ ගිලන් රථයකින් දඩැල්ල ආදහනාගාරය වෙත රැගෙන යනු ලැබිය.


මෙම මෘත දේහය මියගිය අයගේ ඥාතින් විසින් භාරගැනිම ප්‍රතික්ෂේප කිරිම නිසා රජයේ වියදමින් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය.

මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) නැමති නො 26 / 01 දේදදුගොඩ පටුගම හිරිඹුර හරස්පාර ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වි නිවසේ නිරෝධායනය වෙමින් සිටියදි ඉකුත් 19 වැනිදින මියගියේය.

මොහු මියයාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් ආසාදනය බවට තහවුරුවිය.

සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන් මියගිය තිදරු පියගේ මරණය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ අදාහනය කරණ ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කළේය.

මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවා නම් එය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරිමට දෙනවානම් මරණය භාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය අතර මෙකි තත්වය මත ගාල්ල පොලිසිය විසින් මේ පිළිබද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරණු ලැබිය.

මේ සම්බන්දයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන එම උපදෙස් පරිදි ක්‍රියාකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කොට තිබුණි.

ඒ අනුව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් මේ සම්බන්දව උපදෙස් පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කිරිමට කටයුතු කරණු ලැබිය.

කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් මිට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව අදාහනය කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් ගාල්ල මුලස්ථානය පොලිස් පරික්ෂකවරයාට දැනුම් දි තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙකි මළ සිරුර ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. මෙම මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගරයෙන් රැගෙන යනතෙක් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරු සිය සේවා කටයුතුවලින් ඉවත් සිටියහ.


Exit mobile version