මණ්ඩලේ කචල්… ලංකා සම සමාජ පක්ෂයේ මැයි දින රැළියට අධිකරණයෙන් තහනමක්!

පක්ෂය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුමක් පිපිරී යෑම හේතුවෙන් ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා   ලංකා සමසමාජ පක්ෂයේ මැයි දින රැළිය පක්ෂ පරිශ්‍රය තුළ පැවැත්වී තහනම් කිරීමට  පොලිිසිය විසින් උසාවි නියෝගයක් ගෙන තිබේ.

1935 දෙසැම්බර් 18 වැනිදා ස්ථාපිත කරන ලද ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මහාචාර්ය තිස්ස විතාරණ ලංකා සම සමාජ පක්ෂයේ  ලේකම්වරයාය. ඔහු පක්ෂ නායකත්වයට පත් කිරීමට එක් කණ්ඩායමක් යෝජනා කර තිබේ. පක්ෂයේ තවත් කණ්ඩායමක් ඒ අදහසට එරෙහිව නැගී සිට ඇත.


මේ අතර මහාචාර්ය තිස්ස විතාරණගේ පාර්ශවය විසින් කාර්යාලයට ඉබි යතුරු දමා වසා තිබිය දී අනේක පාර්ශවය දමා තිබූ ඉබි යතුරු කඩා වෙනත් ඉබ්බෙක් දමා දොරටුව වසා ඇත.  මේ සම්බන්ධව මහාචාර්ය තිස්ස විතාරණ මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව අනෙක් පාර්ශවයත් පැමිණ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත. ගැටුම මෙසේ ඇවිලෙද්දී මහාචාර්ය තිස්ස විතාරණගේ පාර්ශවය සිය මැයි දන රැළිය සිය කාර්යාලය ඉදිරිපිට සැමරීමට සූදානම් වී තිබේ.

ඔවුන්ට එරෙහි අනෙක් පාර්ශවයත් කාර්යාලය ඉදිරිපිට මැයි රැළියක් සැමරීමට සූදානම් වී ඇත.

මේ තත්ත්වය තුළ පොලිිසිය අධිකරණයට දන්වා ඇත්තේ මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇති විය හැකි බැවින් සම සමාජ පක්ෂයේ මැයි රැලිය පක්ෂ කාර්යාල පරිශ්‍රය තුළ  පැවැත්වීම වළක්වන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සම සමාජ පක්ෂයේ මැයි රැළිය පක්ෂ කාර්යාල පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නික්තු කර ඇත.

 

 

Exit mobile version