කෘෂි කර්ම අමාත්‍යවරයා ලෙස තමාට බල තල නොතිබුණ බවත් බලතල තිබුණා නම් සියල්ල නිවැරදිව කරන බවත් හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අද (24) හම්බන්තොට දි පැවසුවේය.
මුදල් අමාත්‍යාංශයේ සිටි නිලධාරීන් පිරිසක් ඇමතිවරයා කියූ දේ තබා ජනාධිපතිවරයා කියූ දේවත් නෑසූ නිසා වී මිලදි ගැනීමට මුදල් නිසි කාලයට ලබා ගැනීමට නොහැකි වූ බව ඇමතිවරයා පැවසුවේය.
කෘෂිකර්ම ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
දැන්නම් බලය තියන කෙනාට තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ. ජනාධිපති තුමාට. මට හරියට බලය දුන්නා නම් මම ඕක පාලනය කරනවා. මට පාලනයය කරන්න දුන්නෙ නෑ. නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා ඒ අංශය භාර. ඒ ගොල්ල හිටියේ හාල් මුදලාලිලා ලඟ.
මේ ඇත්තටම බනින්නේ ඇමතිවරුන්ටනේ. හැබැයි මේ නිලධාරින්ව පාලනය කරගන්න මට බලය තිබුණානම්… මට බලයක් තිබුණෙ නෑනේ. මම මුදල් ඇමති නෙමෙයි නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලත් සල්ලි දුන්නේ නෑ.. නමුත් පස්සේ ප්‍රශ්නෙ උග්‍රවෙනකොට කෑ ගහනකොට සල්ලි දුන්නා.
අද වෙනකොට වී ටික විකුණලා ඉවරයි. මේක පාලනය කරන්න පුලුවන්.







